Sunday, October 2, 2011

ඉෂාන්බුවාත් බ්ලොග් ලියන්න පටන් ගත්තා කියන්නෙ ඇත්තද?

මමනම් මුලින් බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැහැ.බ්ලොග් කියන්නෙ මොකක්ද්ද කියලා ඉගෙන ගත්තෙත් මගෙ යාලුවෙක්ගෙන්.පොර තමයි කියලා දුන්නෙ බ්ලොග් එක් හදන්නෙ කොහොමද කියලත්.මම මගෙ බ්ලොග් එක පටන් ගත්තෙ A/L කරලා ප්‍රතිපල එනකන් හිටපු කාලෙ තමයි.මට සිංහල ටයිපින් බැරි නිසා මේ ලිපිය ටයිප් කලෙත් මාර ගේමක් දීලයි.මට ඕන උනේ බ්ලොග් එකක් පටන් අරන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන හොද ලිපි ටිකක් දාන්නයි.මම ඔයාලට හොද ලිපි ටිකක් දෙන්න ඕන නිසා මම ඉන්ටනෙට් එක පෙරලලා තොරතුරු හෙව්වා.දන්නෙ නැති ඒවා යාලුවන්ගෙනුත් අහගත්තා.මට ඕන උනේ ඔයලට හොද විස්තර ටිකක් දෙන්නයි.හැබැයි මට ගොඩක් කල් බ්ලොග්ස් ලියන්න වෙන එකක්නම් නැහැ මොකද ආයිත් පාරක් A/L කරන්න ඕනෙ.මේ පාර කලේ තනිකරම පිස්සුනෙ.සතපහකට ෂුවර් කරන්න බැහැ result එකනම්.මම e money ගැන දන්න ඔක්කොම දේවල් ගැන ලිපි එකින් එක දාන්නම් ඔයාලත් මොනවාහරි දන්නවානම් comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා.පටන්ගැනීම නිසා දැනට මේ ඇති.

2 comments:

  1. ඕං ඉස්සරෝම කොමෙන්‍ටුව දාන්නේ මම. සුභ පතනවා, A/L රිසල්ට් හොදවෙන්න කියලත්, හොද බ්ලොක්කයක් ලියන්න ලැබෙන්න කියලත්. ඔබට ජය!

    ReplyDelete
  2. @ i plus මචන් උඹ තමයි මගේ ගුරුවරයා, මම උඹේ බ්ලොග් එක තමයි මුලින්ම කියෙව්වෙ.උඹෙ බ්ලොග් එක බලලා තමයි මම e money කරන්න පටන් ගත්තෙ.උඹෙ post ටිකනම් පට්ටම පට්ට. ඇයි දැන් වැඩිය post දාන්නෙ නැත්තෙ.තව අලුත් ක්‍රම ටිකක් දාපන්කෝ.

    ReplyDelete