
අන්තර්ජාලයේ මුදල් සෙවීම සදහා නානා විදී ක්‍රම තිබෙන බව ඔබ හොදින් දන්නා කරුණක්. ඒත් මේ ක්‍රම මොනවාද? මෙවායින් මුදල් උපයන්නේ කෙසේද? නියම ලෙසින් අපිට මුදල් ලබා ගත හැකිද? ආදී වශයෙන් නොයෙක් ප්‍රශ්න ඔබට පැමිනෙන්නට ඇත. එසේ නම් මම අද ඔබට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් හා විශ්වාසදායකව මුදල් සෙවීමට ඇති ක්‍රමයක් ගැන. හොදයි, මම මේ කතා කරන්න යන්නේ Microworkers ගැන. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න අයත් ඇති.
කොහොම උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත් හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්. සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවා. ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.
කවුද මේ අය, කොහෙද ඉන්නේ කියල කාටහරි ප්‍රශ්නයක් ආවොත්, එකත් පැහැදිලිව ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කරල තියෙනවා. ලිපිනය විතරක් නෙවයි ගූගල් මැප් එකේ ඉන්න තැනත් පෙන්නලා තියෙනවා.
ඊට අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. අනික එක තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල් අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, ඒ මුදල Microworkers සමාගම විසින් දෙන්න බැදී ඉන්නවා.
මේවා දිහා බැලුවහම අපිට ඉතින් අවිශ්වාස කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.
1.මුලින්ම යන්න www.microworkers.com කියන වෙබ් අඩවියට.
2.එතකොට ඔයාලට පෙනෙයි, register for free කියල කහ පාටින් ලින්ක් එකක් තියෙනව
3.එක ක්ලික් කරලා ගිහින් , අහල තියෙන ඒවා පුරවන්න. තමන්ගේ ඇත්ත තොරතුරුම දෙන්න.
4.submit කරන්න
5.ඊට පස්සේ තමන්ගේ ඊ මේල් ලිපිනයට ගිහිල්ල ගිණුම verify කරගන්න
හරි, දැන් අපි internet ඒකෙන් සල්ලි හම්බකරන්න ලෑස්තියි
ඊට කලින් ඔයාගේ Account එකට ගිහින් බලන්න හරියටම ඔයාගේ තොරතුරු දීල තියෙනවද කියල. විශේෂයෙන් ගෙදර ලිපිනය සහ Moneybooker හෝ AlertPay ලිපිනය.
ගෙදර ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට ($9 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ) එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාලගේ ගෙදරට. ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.
මුදල් ලබා ගන්න Account එක Moneybookers එකක් නම් හොදයි. මොකද Paypal වල අඩුම කොමිස් මුදල ගත්තට ලංකාවට support කරන්නේ නැහැනේ. Moneybookers සහ Alertpay 6.5% ක කොමිස් මුදලක් ගන්නවා.. ඔයාලට තාම Moneybookers හෝ Alertpay ගීනුමක් නැත්තම් මෙතනින් www.moneybookers.comහරි www.alertpay.comගිහින් එකක් හදා ගන්න. මේක හදා ගද්දි ඊ මේල් ලිපිනය විදිහට ඔයාල නිතර පාවිච්චි කරන ඒ මේල් ලිපිනයක් දෙන්න
දැන් බලනවා ඇති Moneybooker එකක් තියෙද්දී PIN නම්බරයක් එවන්නේ මොකටද කියල. එවන PIN නම්බරය හරියට ගැහුවොත් තමා ඔබේ මුදල් Moneybooker එකට යවන්නේ. හරි එහෙනම්...ඔයාලට කරන්න වෙන්නේ මොනවගේ ජොබ් ද කියල ඊලග පාඩමෙන් බලමු.

















