Tuesday, October 4, 2011

මොකක්ද මේ ෆේස්බුකියෙ Timeline කියන්නේ...................


ඔයාලා අහලා තිබුනාද ෆේස්බුකියෙ Timeline ගැන. ඇහුවේ නැත්තම් මෙන්න ඔක්කොම විස්තරේ අහගන්න.මේක ෆේස්බුකියෙන් හදුන්වා දුන්න බොහොම ප්‍රයෝජනවත් දෙයක්.
අපි ආදිකාලෙ දාපු පෝස්ට් එකක් හොයාගන්න එහෙම ඕන උනොත් දවසම කන වැඩක් වෙනවා නේද?ඒකට හොද විසදුමක් විදියට තමයි මේ timeline එක අපේ මාර්ක් අයියා හදුන්වලා දුන්නේ.මෙයාලා දැන් google+ වලට බය වෙලා ඉන්නේ.ඒක නිසා තමයි මේ ඔක්කොම.මේකෙන් අපේ profile එක ලස්සන වෙනවා කිව්වොත් හරි.මේක ක්‍රියාත්මක කලාට පස්සෙ අපේ profile එකට ගියාම මුලින්ම පෙන්නන්නෙ cover image කියලා විශාල පින්තූරයක්. ඒකට අපි කැමති පින්තූරයක් දාගන්න පුලුවනනීට පස්සෙ පහලට යනකොට අපි දාපු posts දාපු වෙලාව,දිනය එක්කම බලාගන්න පුලුවන්.ඒ වගේම අපේ තොරතුරු Timeline එකට දාන්නත් පුලුවන්.

තවත් විශේෂ දෙයක් තමයි apps එකතු කිරීම.මෙයාලා හඳුන්වා දෙන social apps හරහා පුළුවන් music,marks වගේ දේවල් Timeline තුල දර්ශනය වීමට සකසා ගන්න.මේ apps මඟින් අපේ යාළුවන්(පිස්සෝ) කරන කියන දේවල් බලාගන්නත් පුළුවන්.ඕනෙම නම් join වෙන්නත් පුළුවන් පස්සේ වාතයක් වෙනවා ඒක sure. join වුනා කියන්නේ උන් අහන සින්දු බලන TV channel අපිටත් අහන්න බලන්න පුළුවන්.අනේ මොකටද ඉතින් නේද.ඇත්තටම මේ Timeline එක හරහා අපේ ජිවිතේ වෙනස්, විශේෂ, හොල්මන්, චා...සිද්දි ගැන කියන්න පුළුවන්.එකනම් පට්ට නේ.....
මම ඔක්කොම කිව්වා Timeline එක Active කරගන්න හැටි කිව්වේ නැහැනේ.ඔන්න එහෙනම්,

1.මුලින්ම ඔයාලාගේ facebook home page එකේ තියෙන search box එකේ 'developer' කියලා ටයිප් කරලා search කරන්න.

ඊට පස්සෙ page එක like කරලා. 'Allow' button එක මත ක්ලික් කරන්න.

2.ඊට පස්සේ පහත රූපයේ පරිදි 'Create New App' button එක මත ක්ලික් කරන්න.





3.ඊට පසුව පහත රූපයේ පරිදි App Display Name සහ App Namespace සදහා ඔයාලා කැමති එකක් දාලා පුරවන්න.ඔයාලා පුරවපු නම් ටික කාටවත්ම පේන්නෙ නැහැ.ඊට පස්සෙ continue button එක ක්ලික් කරන්න.





4.දැන් ඔයාට ඔයාගේ app එකේ සියලුම විස්තර ටික පෙන්නාවි.ඊට පස්සෙ වම් පැත්තේ තියෙන bar එකේ Open Graph කියන button එක ක්ලික් කරන්න.පහත රූපය බලන්න






5.Open Graph: Getting Started page එක මත ඔයා කැමති ලෙස fill කර Get Started button එක මත click කරන්න.


6. Save Changes and Next button එක මත click කරන්න



7.Submit මත click කරන්න.



 


8. Usage Instruction field එක මත කැමති දෙයක් ලියා Submit for Approval button එක මත click කරන්න.


9.ඊට පසු විනාඩි 5කින් පමන ඔයාගෙ facebook home page එකට යන්න.දැන් Get It Now button එක මත ක්ලික් කරන්න


10.ඊට පස්සේ Pulish Now button එක මත ක්ලික් කරන්න.


දැන් ඉතින් වැඩේ ඉවරයි.ඊට පස්සේ ඔයාගෙ Profile එකට ගියාම ඔයාගෙ Timeline එක පෙන්නාවි.දැන් ඔයාලාට කැමති කැමති cover image එකක් දාගන්න.
මමත් මේක ගැන දැන ගත්තෙ techgate එකෙන්. ඔයාලා පොඩ්ඩක් ඒකටත් ගිහිලිලා බලන්නකෝ.Techgate එකට යන්න පහත ක්ලික් කරන්න.

                                                               TECHGATE




No comments:

Post a Comment