Saturday, November 5, 2011

මෙන්න අන්තර්ජාලයේ විශ්වාසදායක PTC සයිට් ටිකක්



අද මම ඔයාලට දෙන්න යන්නේ හොද විශ්වාසදායක PTC සයිට්  ටිකක් මොකද ගොඩක් තියෙන  PTC සයිට් හොර ඒවා. මේවානම් අවුරුදු ගානක්ම පරණ ඒවා.ඒක නිසා හොද විශ්වාසයක් ගොඩ නගා ගෙන තියෙනවා. එහෙනම් ඔයාලත් කරලා බලන්න මමනම් දැනටමත් මේ ගොඩක කරනවා.

1.NeoBux

2.Clicksia

3.Incentria

මම ඔයාලට දුන්නේ මමත් කරලා චෙක් කරපු ඒවා විතරයි.නැත්තම් මට ඕන තරම් PTC සයිට්ස් නම් දෙන්න තිබුණා. ඒත් මොකටද නිකන් හොරුන්ට සල්ලි දෙන්නෙ.ඔයාලත් මේ සයිට් වල Register වෙලා සල්ලි හොයන්න බලන්න.මම නම් මේවා අත්හදා බලලා තියෙන්නේ. බය නැතුව ඔයාලාත් කරන්න

Friday, November 4, 2011

අවසන් වර්චුවල් කැමැත්ත

අපි හැමෝටම සත්‍ය ජීවිතයක් වගේම වර්චුවල් ජීවිතයකුත් තියෙනවා,කවදාවත් හිතුනද ඔබ හදිස්සියෙ මරණයට පත්වුනා කියලා .........
එයින් පස්සේ  ඔබේ දත්ත ඇතුලත් වර්චුවල් ජීවිතයට මොකද වෙන්නේ කියලා හිතුවාද...?
ඔබගේ පවුලේ අයට වගේම වර්චුවල් යාලුවන්ට මොකද වෙන්නේ.......?
මේ ගැන අපිට පොඩි ක්‍රියාමාර්ග කීපයක් ගන්න පුලුවන්, ඒගැන තමයි මම ඔයාලට කියන්න හදන්නේ.

ඒ දත්ත ඔක්කෝම නැතත් ඔබගේ මතකයන් ලෙස ඒවා ඥාතීන්ට එක් කල හැකි ක්‍රමයක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ.

මුලින්ම ඔබේ වර්චුවල් Accounts වල ලැයිස්තුවක් සකස් කරන්න( E-mails,Social Networking Profiles,Blogs,Forums.....)
හිතන්න මේවාගෙන් ඔබේ මරණයෙන් පස්සේ වැදගත් වෙන ඒවා(Facebook,Twitter,E-mail.....)
පසුව ඒවායේ username සහිත දත්ත ගබඩාවක් සකසන්න. එය ඔබේ ආරක්ෂිත ස්ථානයක (සේප්පුවක, safety deposit box, නීතීඥයකු ලඟ) තබන්න. නැතිනම් ඔබේ මේසයේ පුද්ගලික ලිපිගොනු තබන ස්ථානය.

                                                       මරණයෙන් පසුව-

අපි මරණයට පත්වූවිට අපේ දත්ත සඳහා බොහෝ වෙබ් අඩවිවල සඳහන්වන්නේ N/A කියායි, එනම් ඔවුන්ට ඒ පිළිබඳ නීතියක් සම්පාදනයවී නැත.

ප්‍රධානව අපි භාවිතාකරන විශාල වෙබ් අඩවි නම් යම්කිසි නීතියක් භාවිතාකරනවා.

                                              Twitter, Facebook

අපේ ඥාතියෙක් මරණය දැන්වූ විට, අපේ ගිණුම memorialized ගිණුමක් බවට පත්වෙනවා. අපේ account එක අනෙක් අයට බැලියහැක එහෙත් contact information and status updates
නොමැතිව තමයි.
 එයට අපේ password එක භාවිතයෙන් වුවත් නැවත සක්‍රීය කිරීමටබෑ.
අපේ පැරණි මතක සටහන් වන tweets, wall posts නැරඹීමට වෙනත් අයට පුළුවන්.
                                      
                                                  Twitter අක්‍රිය කරන්න

                                    Facebook අක්‍රිය කරන්න


                                                            G-mail
මෙයට මරණය දැනුම්දීමට නම, ලිපිනය හා ඡායාරූපයක්ද සැපයීම කලයුතුයි. පසුව එම ඊ-මේල් ලිපිනයට ඊ-මේලයක් මඟින් දැනුම්දීමක් කරනවා, ප්‍රතිචාර නොමැතිනම් එය මරණයක් ලෙස සලකා දැනුම් දුන් තැනැත්තාවෙත account එකට ලොග් වීමට බලය ලබාදෙනවා.

                                                       G-mail අක්‍රිය කරන්න

                                                     
                                                        Yahoo

මෙහිදී මරණය දැනුම් දුන් පසු account එක පූර්ණලෙස වසාදැමීමක් කරනවා, password රහිතව කිසිම අයෙකුට ඇතුල්වීමට නොහැකියි.

                                                               
                                                     Hotmail

මෙහි ඉතාම විශිෂ්ඨ සේවයක් ලබාදෙනවා. Microsoft ආයතනය මඟින් පාලනයවන නිසා එහි නීතිඅනුව මෙය ක්‍රියාත්මකයි. මරණය දැනුම්දීමට මරණ සහතිකයක් පවා අවශ්‍යයි එහෙත් ආයතනය ඔබට account එකේ සියලුම දත්ත
account creation, last login හා සියලුම e-mail DVD එකක් මඟින් නොමිලේ සැපයෙනවා.

                                        Hotmail අක්‍රිය කරන්න



මතකයේ තබාගතයුත්තක් වන්නේ උදාහරණ ලෙස අපේ facebook යහළුවන්ට අපි මරණයට පත්වූබව දැනුම්දියයුතු වුවත් වෙනත් අයෙකුට අපේ private messages වලට ඇතුළුවීම මෙයින් තහනම් වෙනවා.



මෙවන් දේකට සූදානම්වීම අපි හැමෝම කළයුත්තක්.

කාලය සමඟ අපේ සයිබර් අවකාශයේ දේපල වැඩිවනවා, එයටද යම්කිසි අවසන් කැමත්තක් සැකසීම කළයුතුනොවේද...?

Thursday, November 3, 2011

මේක තමයි අන්තර්ජාලයෙන් සල්ලි හොයන ලේසිම ක්‍රමය මේකයි.


අද මම ඔයාලට කියන්නේ ගොඩක් පොඩි  වැඩක් කරලා සල්ලි හොයන්න පුලුවන් හැටියි. ගොඩක් අය දැනටමත් මේ ගැන දන්නවා ඇති.ඒවාට කියන්න්නේ PTC සයිට්ස් කියලයි. ගොඩක් කට්ටිය සල්ලි ලැබෙනවා කියපු පලියට හැම PTC සයිට් එකකම Register වෙනවා,ඊට පස්සෙ මහන්සි වෙලා ඇඩ්ස් ක්ලික් කරලා අන්තිමට සල්ලි ගන්න හැදුවම තමයි තරු පේන්නෙ.මොකද අන්තර්ජාලයේ  Bux සයිට්ස් කියලා හෙව්වොත් දහස් ගණනක් සයිට්ස් තියෙනවා හැබැයි ඒවාගෙන් 99% වගේ බොරු ඒවා.හැබැයි ඒ වගේම හොදට මුදල් ගෙවන විශ්වාසදායක සයිට් තියෙනවා. අද මම කියන්නේ විශ්වාසදායක PTC සයිට් වලින් සල්ලි හොයන හැටියි.

1.ClixSense වලින් සල්ලි හොයමු.
ClixSense කියන්න්නේ මේවන විට අන්තර්ජාලයේ තියෙන පැරණිම PTC සයිට්ස් වලින් එකකි. මෙය 2007 ආරම්භ කල අතර මේ වන විට විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් ඉතා විශ්වාසනීය වෙබ් අඩවියක් ලෙස තමන්ගේ කටයුතු කරගෙන යයි.
ClixSense වල Register  වෙන්න මෙතනින් පිවිසෙන්න.
Clixsense මගින් කිසිදු මුදලක් වැය නොකිරීමෙන් දිනකට රුපියල් 100 පමණ කිසිදු මහන්සියකින් තොරව උපයා ගත හැක. පහත මා සදහන් කරන්නේ කිසිදු මුදලක් වැය නොකර Clixsense මගින් මුදල් සොයන ආකාරයයි.

ඇඩ්ස් ක්ලික් කිරීම මගින්
ඔබ මුලින්ම ලොග් වුන පසු ඔබට විවිධ මුදල් ප්‍රමාණ ලබා දෙන විවධ ඇඩ්ස් 20 පමණ දිස් වෙනු ඇත.ඔබකළ යුත්තේ එම ඇඩ් එකක් මත ක්ලික් කිරීම පමණි. ඇඩ් එකක් ක්ලික් කල විට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය $0.1 සිට $0.001 පමණ වේ. ඉන්පසු වෙනත් ටැබ් එකක එම ඇඩ් එක දිස් වෙන අතර වෙබ් පිටුවේ ඉහල කෙලවරේ ක්‍රමයෙන් අඩුවන වෙලාවක් සටහන් වන අතර නියමිත වෙලාව රැදී සිටිපසු "Your Ad has been validated" ලෙස දිස් වනු ඇත. මෙලෙස රැදී සිටීමට සිදුවන කාලය තත්පර 3 සිට තත්පර 30 දක්වා වෙනස් වේ. වැඩිපුර ගෙවන තරමට වැඩිපුර රැදී සිටිය යුතුය. සමහර අවස්ථා වලදී ගැලපීම සදහා පින්තූර 5 ක් ලැබෙන අතර ඔවුන් ලබා දී ඇති පින්තූරය අනෙක් 4 න් නිවැරදිය ගැලපු විට අපට මුදල් ප්‍රමාණය හිමිවේ. ඔබට මෙලෙස එක වරකට ක්ලික් කල හැක්කේ එක ඇඩ් එකක් පමණි. "Your Ad has been validated" යන පණිවිඩය දිස් වීමට ප්‍රථම කිසිවිටකත් ටැබ් එක Close කිරීමෙන් වලකින්න

Referral ක්‍රමය මගින්
මා පළමුව ඔබ Standard Member කෙනෙක් ලෙස සිටිමින් ආදායම් ඉපයිය හැකි ආකාරය සදහන් කරන්නම්. එය නම් referral රෙෆරල් ක්‍රමයයි. referral කෙනෙක් යනු ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන සාමාජිකයෙකි. එසේ ඔබේ මිතුරෙක් හෝ වෙනත් අයෙකු ඔබගේ referral කෙනෙක් කර ගැනීම සදහා, Account ටැබ් එක වෙත පිවිසෙන්න.



ඉන් පසු මෙම ලින්ක් එක ෆේස් බුක් හෝ වෙනත් සමාජ වෙබ් අඩවියක රදවන්න. කවුරුන් හෝ කෙනෙක් මෙම ලින්ක් එක ක්ලික් කර ඒ තුලින් පැමිණ ගිණුමක් විවෘත කල විට ඔහු ඔබගේ referral කෙනක් බවට පත් වේ.
මෙසේ referral කෙනෙක් වන අයෙක් ලබන ආදායමෙන් 20% ක කොමිස් මුදලක් ඔබට ලැබෙනු ඇත. එනම් ඔහු/ ඇය ක්ලික් කරන සෑම ඇඩ් එකකම ආදායමෙන් 20% ක් ඔබ සතු වේ. Clixsense මගින් වැඩි ආදායමක් ලබන ආකාරය දැන් ඔබට පසක් විය යුතුය. සිතන්න ඔබට රෙෆරල් සාමාජිකයන් 200 සිටිනවා කියා.
එවිට
එක් අයෙකු දිනකට උපයන ආදායම = රු 2
ඔහුගෙන් ලැබෙන කොමිස් මුදල = 2* 0.2 = රු 0.4
200 දෙනෙකුගෙන් = 0.4 *200 = රු 80
හොදින් මතක තබා ගන්න, ඔබ මෙම මුදල උපයන්නේ කිසිම මහන්සියකින් තොරවය. තවද ඔබට ඕනෑ තරමක් referral සාමාජිකයන් සංක්‍යාවක් එකතු කරගත හැක. මේ වන විට Clixsense හි referral සාමාජිකයන් ගණන 6000 ඉක්මවූ සාමාජිකයන්ද සිටිති.

2.Incentria වලින් සල්ලි හොයමු.
Mybux කියන්නෙත් ClixSense වගේම විශ්වාසදායකම PTC සයිට් වලින් එකක්. ඒකත් ClixSense වගේම තමයි.ඒකෙ Register වෙන්න තියෙන්නෙත් ClixSense වගේම තමයි. Mybux වල Register වෙන්න මෙතනින් යන්න

Sunday, October 30, 2011

Microworkers පාඩම-1




අන්තර්ජාලයේ මුදල් සෙවීම සදහා නානා විදී ක්‍රම තිබෙන බව ඔබ හොදින් දන්නා කරුණක්. ඒත් මේ ක්‍රම මොනවාද? මෙවායින් මුදල් උපයන්නේ කෙසේද? නියම ලෙසින් අපිට මුදල් ලබා ගත හැකිද? ආදී වශයෙන් නොයෙක් ප්‍රශ්න ඔබට පැමිනෙන්නට ඇත. එසේ නම් මම අද ඔබට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් හා විශ්වාසදායකව මුදල් සෙවීමට ඇති ක්‍රමයක් ගැන. හොදයි, මම මේ කතා කරන්න යන්නේ Microworkers ගැන. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න අයත් ඇති.

කොහොම උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත් හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්. සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවා. ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.

කවුද මේ අය, කොහෙද ඉන්නේ කියල කාටහරි ප්‍රශ්නයක් ආවොත්, එකත් පැහැදිලිව ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කරල තියෙනවා. ලිපිනය විතරක් නෙවයි ගූගල් මැප් එකේ ඉන්න තැනත් පෙන්නලා තියෙනවා.

ඊට අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. අනික එක තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල් අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, ඒ මුදල Microworkers සමාගම විසින් දෙන්න බැදී ඉන්නවා.

මේවා දිහා බැලුවහම අපිට ඉතින් අවිශ්වාස කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.


1.මුලින්ම යන්න www.microworkers.com කියන වෙබ් අඩවියට.

2.එතකොට ඔයාලට පෙනෙයි, register for free කියල කහ පාටින් ලින්ක් එකක් තියෙනව

3.එක ක්ලික් කරලා ගිහින් , අහල තියෙන ඒවා පුරවන්න. තමන්ගේ ඇත්ත තොරතුරුම දෙන්න.

4.submit කරන්න

5.ඊට පස්සේ තමන්ගේ ඊ මේල් ලිපිනයට ගිහිල්ල ගිණුම verify කරගන්න

හරි, දැන් අපි internet ඒකෙන් සල්ලි හම්බකරන්න ලෑස්තියි

ඊට කලින් ඔයාගේ Account එකට ගිහින් බලන්න හරියටම ඔයාගේ තොරතුරු දීල තියෙනවද කියල. විශේෂයෙන් ගෙදර ලිපිනය සහ Moneybooker හෝ AlertPay ලිපිනය.

ගෙදර ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට ($9 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ) එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාලගේ ගෙදරට. ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.

මුදල් ලබා ගන්න Account එක Moneybookers එකක් නම් හොදයි. මොකද Paypal වල අඩුම කොමිස් මුදල ගත්තට ලංකාවට support කරන්නේ නැහැනේ. Moneybookers සහ Alertpay 6.5% ක කොමිස් මුදලක් ගන්නවා.. ඔයාලට තාම Moneybookers හෝ Alertpay ගීනුමක්‌ නැත්තම් මෙතනින් www.moneybookers.comහරි www.alertpay.comගිහින් එකක් හදා ගන්න. මේක හදා ගද්දි ඊ මේල් ලිපිනය විදිහට ඔයාල නිතර පාවිච්චි කරන ඒ මේල් ලිපිනයක් දෙන්න
දැන් බලනවා ඇති Moneybooker එකක් තියෙද්දී PIN නම්බරයක් එවන්නේ මොකටද කියල. එවන PIN නම්බරය හරියට ගැහුවොත් තමා ඔබේ මුදල් Moneybooker එකට යවන්නේ. හරි එහෙනම්...ඔයාලට කරන්න වෙන්නේ මොනවගේ ජොබ් ද කියල ඊලග පාඩමෙන් බලමු.

Thursday, October 27, 2011

Facebook Like වලින් සල්ලි හොයමු.


අද මම ඔයාලට කියන්නෙ සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.  ඒක දෙන්නේ Fanslave කියන සයිට් එකෙන් තමයි.හරිම පොඩිම වැඩයි කරන්න තියෙන්නේ. අපිට තියෙන්නෙ අපිට දෙන Facebook Page වලට Like එකක් දාන්න විතරයි. Facebook එකේ වගේම මේක Twitter එකෙත් කරන්න පුලුවන්.Facebook එකේ Like කරනවා වගේම Twitter වල තියෙන්නෙ Follow කරන්න විතරයි. මම දන්න විදිහට අද හැමෝටම වගේ Facebook එකේ Account එකක් නම් තියෙනවානේ. ඒත්  Twitter Account  එකක් නැත්තම් හදා ගන්න මෙතන ක්ලික් කරන්න. හැබැයි Twitter වල Account එකක් හදන කොට තමන්ගෙ නමට හදනවාට වැඩිය ලෝකෙ ප්‍රසිද්ද කෙනෙක්ගෙ නමක් දාල හදන්න. මොකද Twitter වල Facebook වල වගේ අපිට යාලුවෝ එකතු කරගන්න බැහැ. යාලුවන්ට තමයි අපිව Follow කරන්න පුලුවන්. එහෙනම් දැන්ම Twitter Account  එකක් හදාගන්න.

දැන් ඔයාලාට Twitter සහ Facebook Accounts තියෙනවානේ.දැන් කරන්න තියෙන්නේ Fanslave වල Register  වෙන්නෙ තමයි.  Fanslave වල Register  වෙන්නෙ මෙතන ක්ලික් කරන්න.

1.දැන් ඔයාලට මේ වගේ Page එකක් ලැබේවි Register වෙන්න.



2.දැන් Accounts එකට ලොග් වෙන්න

3.දැන්  Fanslave  Account එක  Facebook  Account එකට Connect කරන්න 'F Connect' බොත්තම ඔබන්න



4.දැන් ඔයාලගෙ Facebook  Account එකට  Fanslave  Account එක Connect  කරනකොට අහන පැනයට "Allow" ලෙස දෙන්න.




5.දැන් ඔබ මුදල් ඉපයීමට සූදානම්. "Fanslave" මගින් ඔබට මුදල් ලැබෙන්නේ EUR (යුරෝ) වලිනි. මෙහි "Credits" ලෙස දැක්වෙන්නේ ඔවුන් විසින් ලබා දෙන කිසියන් සම්මතයකි. credits 3 ක් යනු යුරෝ 0.02 මුදලකි. එක ලයික් එකකට credits 3 සිට 10 දක්වා ලැබේ.
පහත පෙනෙන පරිදි ඔබ විසින් ක්ලික් කල යුතු ෆේස් බුක් පිටු දිස්වෙනුඇත. එම පිටු වලට ගොස් ලයික් දැමීමෙන් ඔබට මුදල් ලැබෙනු ඇත.


. අපේ  Account  එකේ Euro 15ක් එකතු උනාම අපිට ඒක paypal වලින් හරි alertpay වලින් හරි ගන්න පුලුවන්.ඔයාලා fanslave වෙත හදුන්වා දෙන්නන් ලබා ගන්න මුදලින් 15% මුදලක් ඔබට කොමිස් වශයෙන්ද ලැබෙනවා. අපිට ලැබෙන ගෙවීම් ගැන බය වෙන්න ඕනෙ නැහැ මේක විශ්වාසදායක වෙබ් අඩවියක්. එහෙනම් ඔයාලා කරලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකො හොදේ.

Wednesday, October 12, 2011

මෙන්න සිංහල බ්ලොග්ස් වලට Google Adsense වෙනුවට හොද විසදුමක්.................

Smowtion කියන්නේ Google Adsense වගේම එකක්.හැබැයි Adsense තරම් අමාරු නැහැ හරි ලේසියි.මුලින්ම අපිට තියෙන්නෙ Smowtion වල Register වෙන්න.  Register වෙලා පැය 4-5ක් වගේ යනකොට අපේ බ්ලොග් එකට ඇඩ්ස්ගන්න පුලුවන්.මමත් ඇඩ්ස් ටිකක් දාගත්තා බලන්න.ඔයාලත් Register වෙලානම බලන්නකෝ. Register වෙන්න පහල ක්ලික් කරන්න.කරලා බලලා මටත් කියන්න හොදේ............

Smowtion වල Register වෙන්න පහල රූපය ක්ලික් කරන්න


Monetize your site!

Tuesday, October 11, 2011

මෙන්න IDM 6.07+Life Time crack එක ඇති වෙනකන් බාගන්න

මම දැක්කා ෆේස්බුකියෙ Online Help එකේ ගොඩක් දෙනෙක් අහනවා idm එකේ දවස් 30 ඉවරයි දැන් මොකද කරන්නේ කියලා. idm එකේ 30 ඉවර උනාම ඒක Activate කරනවානම් අපෙන් $30ක් ඉල්ලනවානේ.අපිට කවද්ද කිසිම දෙයක් සල්ලි දීලා ගත්තෙ. අපි බලන්නෙ හැම එකක්ම නිකන් ගන්නනෙ ඒක ඉතින් සිංහලයාගේ ගතියක්නේ. ඒක නිසා මම හිතුවා idm එකේ අලුත්ම Version එක දෙන්න.මේක කැරැක් කරන නිසා බය වෙන්න දේකුත් නැහැ.නැත්තම් Serial Keys Enter කලාම සමහර වෙලාවට ආයි සතියකින් විතර රෙජිස්ටර් කරන්න ඉල්ලනවා.මේකෙ එහෙම බය වෙන්න ඕනෙ නැහැ. අද ඉතින් idm එක තරම් හොද සොෆ්ට්වෙයාර් එකක් නැහැනේ.අද හුගක් අය පාවිච්චි කරන්නෙ idm එකනේ.එහෙනම් idm එක Download කරගන්න මෙතන ක්ලික් කරන්න. දැන් Download කරගෙන Install කරගන්න.Install කරලා ඉවරවෙලා මේකෙ තියෙන Life Time Crack File එක Open කරන්න


දැන්  මේකෙ තියෙන 'Start' Button එක ක්ලික් කරන්න.ඊට පස්සෙ වැඩේ හරි.ආයි ඉතින් Serial Keys මුකුත් ඕන වෙන්නෙ නැහැ.

               වැඩේ හොදයි නම් Comment එකක් දැම්මා කියලා තරහා නැහැ හොදේ..........

Monday, October 10, 2011

Ip Adress එක හංගමුද එහෙනම් මෙන්න ක්‍රමය කරලා බලන්න..........

අපි මුලින්ම බලමු මොකක්ද මේ Ip Address එක කියන්නේ කියලා. අපේ ගෙදරට ලිපිනයක් තියෙනවානේ.අපේ ගෙදරට ලිපිනයක් තියෙන්නේ වෙනත් ගෙවල් වලින් වෙන් කරලා හදුනා ගන්නනේ.අන්න ඒවාගේම අන්තර්ජාලයෙත් අපිට ලිපිනයක් තියෙනවා ඒකට තමයි මේ Ip Address එක කියන්නේ. Ip Address අන්තර්ජාලය පාවිච්චි කරන එක් එක්කෙනාගෙන් වෙනස් වෙනවා. ඒ වගේම අපි අන්තර්ජාලයට Log වෙන හැම පාරකම අපේ Ip Address එක වෙනස් වෙනවා. ඒ වගේම අපේ Ip Address එකෙන් අපි අන්තර්ජාලය ඇතුලුවුන රට,වෙලාව,දිනය, අපි සිටින ස්ථානය වගේම, අපේ අන්තර්ජාල සේවා සපයන්න කව්ද කියලා හොයා ගන්නත් පුලුවන්. එමෙන්ම අපේ Ip Address එක දැනගත් විට අපේ පරිගනකය හැක් කරන්න පවා පුලුවන්.

අපි දැන් බලමු කොහොමද අපේ  Ip Address එක වෙනස් කරගන්නෙ කියලා.ඒකට අපිට Hide Ip Privacy හරි Hotspot Shield වගේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න පුලුවන්.
 ඔයාලා  Hide Ip Privacy පාවිච්චි කරනවානම්  Hide Ip Privacy ඩවුන්ලෝඩ් කරගන්න මෙතන  ක්ලික් කරන්න.ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්ත Zip Flie එක Exract කරලා. Setup එක Install කරගන්න.Install කරන විට අවසානයේදී ඔබට පහත ආකාරයට දක්නට ලැබේවි.


ඉහත රූපයේ පරිදි Run Hide Ip Privacy කියන තැන හරි සලකුන ඉවත් කරන්න.ඊට පස්සේ Folder එකේ තියන Patch File එක C<Program Files<Hide Ip Privacy කියන තැනට Replace කරලා Patch එක Open කරලා Patch කියන Button එක ක්ලික් කල විට වැඩේ හරි. දැන් ඉතින් තියෙන්නෙ Ip එක හංගන්න තමයි.
මුලින්ම   Hide Ip Privacy  එක Open කරන්න


දැන් Ip Address එක වෙනස් කිරීම සදහා 'Select Fake Location' Button එක මත ක්ලික් කරන්න.



දැන් ඔයාලට Ip Address එක වෙනස් කරන්න ඕන රට තෝරන්න.උදාහරණයක් හැටියට ඔයාලා එංගලන්නතය තේරුවොත් ඔයාලාට දැන් Ip Address එක හැටියට ඒංගලන්තයේ එකක් ලැබේවි.



දැන් ඔයාලාට Fake Ip ලෙස ලැබෙන්නේ ඔයාලාගේ වෙනස් කරපු Ip Adress එකයි.දැන් වෙනස් කරපු Ip එකේ විස්තර බලන්න මෙතන ක්ලික් කර බලන්න.ඔයාලා Ip එක එංගලන්තයේ විදිහට වෙනස් කලානම් ඔයාලගේ Browser එකේ www.google.com වෙත ගිය විට ඒ වෙනුවට www.google.uk Open වේවි.
ඔයාලා මේ Post එක වැදගත් කියලා හිතෙනවනම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ........

Saturday, October 8, 2011

Huawei E153u Dongle එක Unlock කරන හැටි මෙන්න


දැන් අලුතෙන් Dialog,Etisalat,Airtel එකෙන් දෙන Huawei E153U  Dongle එක අපිට අන්ලොක් කරන්න බැහැ.ඒකට හේතුව තමයි ඒකට දාලා තියෙන්නෙ අලුත් Firmwear එකක්.ඒක Program කරලා තියෙන්නෙ Codes Enter කරන්න බැරි වෙන්නයි. තවත් දෙයක් දැන් එයාල මොබයිල් පාට්නර් සොෆ්ට්වයාර් එකට ස්පෑම් මැසේජ් රන් වෙන්න දාලා,මේ firmware එක භාවිත කරලා අපිට කෝඩ් එක අයින් කරගන්න පුළුවන් ..මම දැක්කා ගොඩක් දෙනෙක් මේ මොඩම් එක අන්ලොක් කර ගන්නෙ කොහොමද කියලා ෆේස්බුකියේ Online Help එකේ අහලා තියෙනවා.ඒක නිසා අන්ලොක් කරන හැටි කියන්න හිතුවා.ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න.

1.මුලින්ම ඔයාලගේ ඩොන්ගල් එකේ Flash Code එක හොයාගන්න.ඒකට ඔයාලාගෙ ඩොන්ගල් එකේ imei නම්බර් එක හොයාගන්න. imei නම්බර් එක ඩොන්ගල් එක පිටිපස්සෙ හරි, සිම් එක දාන තැන හරි තියෙනවා.ඊට පස්සෙ පහත ලින්ක් එකේ තරු සලකුනු ඇතිතැනට imei නම්බර් එක දාලා ලින්ක් එකට ගියවිට ඔබේ ඩොන්ගල් එකට අදාල Flash Code එක ලැබෙවි.
                                http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx

2.ඊට පස්සෙ ඩොන්ගල් එකට වෙනත් සිම් පතක් දමා, Firmwear එක Run කෙරූ විට ඔයාලාගෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට අපි කලින් හොයාගත්ත Flash Code එක දෙන්න. විනාඩි 2-3 කින් පමන ඔයාලාගෙ ඩොන්ග්ල් එක අන්ලොක් වේවි.  Firmwear එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න



සැලකිය යුතුයි- ඔයාලා ලැප්ටොප් එකකින් මෙය කරනවානම් ෆුල් චාර්ජ් කර මෙය කරන්න.ඩෙස්ක්ටොප් පරිගනකයකින් කරනවානම් U.P.S එකක් නැතිනම් කරන්න එපා.මොකද  අන්ලොක් කරන විට විදුලිය විසන්දි උනොත් ඩොන්ගල් එක නැවත පාවිච්චි කරන්න බැරි වෙනවා.

Wednesday, October 5, 2011

subtitles එක්ක චිත්‍රපටි බලන්න මෙන්න නියම සොෆ්ට්වෙයාර් එකක්

ඔයාලා උපසිරැසි නැති චිත්‍රපටි බලලා ඇතිනෙ.කිසිම ගතියක් නැහැ නේද? එහෙම නැත්තම් google එකේ search කර කර දුක් විදින්න එපැයි.දැන් එහෙම වෙන්න ඕනෙ නැහැ.ඒකට තියෙනවා හොද විසදුමක්, ඒතමයි s player. මේක free vershion එකක්, ඒක නිසා crack කිරිලි මුකුත්ම ඕනේ නැහැ.අපිට තියෙන්නෙ film එක මේකෙන් open කරන්න විතරයි.ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා.තවත් මොකටද විකාර කියව කියවා කාලෙ කන්නෙ මෙන්න ඇති වෙනකන් බාගන්න.http://www.mediafire.com/file/87ll8aeocl30pqq/SPlayerSetupInt.exe

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ඔබත් කැමතිද?

මේක මම අන්තර්ජාලයෙන් සල්ලි හොයන ක්‍රම ගැන ලියන පලවෙනි post එක. අන්තර්ජාලයෙන් සල්ලි හොයනවා කියන්නෙ ඔය කට්ටිය කියන තරම් කජු කනවා වගේ වැඩක් නම් නෙමෙයි.හරියට දැනගෙන කරනවානම් මේක ලේසි වැඩක්.මමත් මුලින්ම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්. පොර තමයි කිව්වෙ මේකෙන් ආතල් එකේ ඉන්න එකේ කියක් හරි හොයාගන්න පුලුවන් කියලා.ඊට පස්සෙ මම බ්ලොග්ස් කියවලා තොරතුරු හොයන්න පටන් ගත්තා.මම දැන ගත්ත ටික ඔයාලාටත් කියලා දෙන්න කියලා තමයි කල්පනා කලේ.

අපි සල්ලි හොයන්න පටන් ගන්න කලින් අපිට සල්ලි අපි දැනගන්න ඕනෙ අපිට සල්ලි හම්බවෙන්නෙ කොහොමද කියලා.අන්තර්ජාලයේ නම් සල්ලි දෙනවා කියලා කියන වෙබ් සයිට්ස් නම් අනන්තවත් තියෙනවා. ඒත් ඒවාගෙන් ඉතාම සුලු ප්‍රමානයක් තමයි අපිට මුදල් ගෙවන සයිට්ස් තියෙන්නෙ.හුගක් ඒවා කරන්නෙ වංචාවල් කරන එකයි. අපිට මුදල් ලැබෙන ක්‍රම අතරින් සමහර රැකියා තිබෙනවා එයාලා අපිට වෙලද දැන්වීම් දෙනවා අපිට තියෙන්නෙ ඒව ක්ලික් කරලා ඒක load වෙන්න තියන්න විතරයි.වෙලද දැන්වීමෙ කාලය වැඩි වන තරමට අපිට ලැබෙන මුදල් ප්‍රමානයද වැඩි වෙනවා. මේ ක්‍රමයට කියනනෙ ptc clicks කියලයි.තව ක්‍රමයක් තමයි mini jobs කියන්නෙ.ඒ කියන්නෙ එයාලා අපිට දෙනවා පොඩි පොඩි වැඩ. ඒ කියන්නෙ එයාලා අපිට දෙනවා වෙබ් සයිට් එකක sign up වෙන්න,ෆේස්බුකියෙ fan page එකකට like එකක් දාන්න, twitter එකේ කාවහරි follow කරන්න වගේ වැඩ තමයි.නමුත් මේ ක්‍රමයේදී ඇඩ්ස් ක්ලික් කරනවාට වැඩිය මුදලක් හම්බවෙනවා.
මේ ගැන කියද්දි මට තව හොද ක්‍රමයක් මතක් උනා.ඒ තමයි odesk. odesk කියන්නෙ අපේ සුදුසුකම් හැටියට අපිට හරියන රැකියා දෙන සයිට් එකක්. අපි හිතමු මට office package එක පුලුවන් කියලා, එයාලා අපිට office වලින් කරන්න පුලුවන් රැකියා දෙනවා.අපිට තියෙන්නෙ ඒ රැකියා වලට අයදුම්පත් යොමු කරන්නයි.ඊට පස්සෙ  අපිට රැකියාව ලැබුනොත්එයාලා දන්වනවා අපිට මෙම රැකියාව ලැබුනා කියලාඊට පස්සෙ තියෙන්නෙ අපිට රැකියාව කරන්නයි.
අන්තර්ජාලයෙන් සල්ලි හොයන ක්‍රම ඔක්කොම ගැන කියන්න ගියොත් අද මට මේ post එක ඉවර කරන්න බැරිවෙන නිසා ඉදිරියේදී ඔයලට ඒ ගැන එකින් එක කියන්නම්. ඔයාලා මේ ගැන මොකද හිතන්නෙ කියලා comment එකක් දාන්න අමතක කරන්න එපා.

Windows media player එකේ shortscuts ටික ඕනෙද?



ඔයාලා windows media player එක පාවිච්චි කරනවානම් ලේසියෙන් film එකක් mp3 එකක් අහන්න පුලුවන් shortscuts ටික දැන ගත්තානම්. එහෙනම් මෙන්න shortscut ටික try කරලා බලන්න,

1.ALT+1 Adjust zoom to 50 percent

2.ALT+2 100% zoom

3.ALT+3 200% zoom

4.ALT+ Enter Watch video in full screen

5.ALT+ F Shortcut to open File Menu

6.ALT+ T Shortcut to Open Tool Menu

7.ALT+ V Shortcut to Open View Menu

8.ALT+P Shortcut to Openr Play Menu

9.ALT+ F4 Close Media Player Application

10.CTRL+SHIFT+B Use to Rewind Music/Video file

11.CTRL+SHIFT+F Use to Fast forward Music/video file

12.CTRL+SHIFT+S Use to Play Slower than a Normal Speed

13.CTRL+SHIFT+G Use to Play Faster Than a Normal speed

14.CTRL+SHIFT+N Use to Play items Normal speed in Player

15.CTRL+1 Display Media player in Full Mode

16.CTRL+2 Display Media Player in Skin Mode

17.CTRL+B  Use to Play the Previous item in Media Player

18.CTRL+F Use to Play the Next item in Media Player

19.CTRL+E Use to Eject cd or DVD from cd or DVD drive

20.Enter or spacebar Use to Play An item

Shortscut ටික සිංහලෙන් ගහන්න තේරෙන්නෙ නැති නිසයි English වලින් ගැහුවේ.ඒකට තරහා වෙන්න එපා.මම හිතනවා මේ ටික ඔයාලාට කාලය ඉතිරි කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා.

Tuesday, October 4, 2011

මොකක්ද මේ ෆේස්බුකියෙ Timeline කියන්නේ...................


ඔයාලා අහලා තිබුනාද ෆේස්බුකියෙ Timeline ගැන. ඇහුවේ නැත්තම් මෙන්න ඔක්කොම විස්තරේ අහගන්න.මේක ෆේස්බුකියෙන් හදුන්වා දුන්න බොහොම ප්‍රයෝජනවත් දෙයක්.
අපි ආදිකාලෙ දාපු පෝස්ට් එකක් හොයාගන්න එහෙම ඕන උනොත් දවසම කන වැඩක් වෙනවා නේද?ඒකට හොද විසදුමක් විදියට තමයි මේ timeline එක අපේ මාර්ක් අයියා හදුන්වලා දුන්නේ.මෙයාලා දැන් google+ වලට බය වෙලා ඉන්නේ.ඒක නිසා තමයි මේ ඔක්කොම.මේකෙන් අපේ profile එක ලස්සන වෙනවා කිව්වොත් හරි.මේක ක්‍රියාත්මක කලාට පස්සෙ අපේ profile එකට ගියාම මුලින්ම පෙන්නන්නෙ cover image කියලා විශාල පින්තූරයක්. ඒකට අපි කැමති පින්තූරයක් දාගන්න පුලුවනනීට පස්සෙ පහලට යනකොට අපි දාපු posts දාපු වෙලාව,දිනය එක්කම බලාගන්න පුලුවන්.ඒ වගේම අපේ තොරතුරු Timeline එකට දාන්නත් පුලුවන්.

තවත් විශේෂ දෙයක් තමයි apps එකතු කිරීම.මෙයාලා හඳුන්වා දෙන social apps හරහා පුළුවන් music,marks වගේ දේවල් Timeline තුල දර්ශනය වීමට සකසා ගන්න.මේ apps මඟින් අපේ යාළුවන්(පිස්සෝ) කරන කියන දේවල් බලාගන්නත් පුළුවන්.ඕනෙම නම් join වෙන්නත් පුළුවන් පස්සේ වාතයක් වෙනවා ඒක sure. join වුනා කියන්නේ උන් අහන සින්දු බලන TV channel අපිටත් අහන්න බලන්න පුළුවන්.අනේ මොකටද ඉතින් නේද.ඇත්තටම මේ Timeline එක හරහා අපේ ජිවිතේ වෙනස්, විශේෂ, හොල්මන්, චා...සිද්දි ගැන කියන්න පුළුවන්.එකනම් පට්ට නේ.....
මම ඔක්කොම කිව්වා Timeline එක Active කරගන්න හැටි කිව්වේ නැහැනේ.ඔන්න එහෙනම්,

1.මුලින්ම ඔයාලාගේ facebook home page එකේ තියෙන search box එකේ 'developer' කියලා ටයිප් කරලා search කරන්න.

ඊට පස්සෙ page එක like කරලා. 'Allow' button එක මත ක්ලික් කරන්න.

2.ඊට පස්සේ පහත රූපයේ පරිදි 'Create New App' button එක මත ක්ලික් කරන්න.





3.ඊට පසුව පහත රූපයේ පරිදි App Display Name සහ App Namespace සදහා ඔයාලා කැමති එකක් දාලා පුරවන්න.ඔයාලා පුරවපු නම් ටික කාටවත්ම පේන්නෙ නැහැ.ඊට පස්සෙ continue button එක ක්ලික් කරන්න.





4.දැන් ඔයාට ඔයාගේ app එකේ සියලුම විස්තර ටික පෙන්නාවි.ඊට පස්සෙ වම් පැත්තේ තියෙන bar එකේ Open Graph කියන button එක ක්ලික් කරන්න.පහත රූපය බලන්න






5.Open Graph: Getting Started page එක මත ඔයා කැමති ලෙස fill කර Get Started button එක මත click කරන්න.


6. Save Changes and Next button එක මත click කරන්න



7.Submit මත click කරන්න.



 


8. Usage Instruction field එක මත කැමති දෙයක් ලියා Submit for Approval button එක මත click කරන්න.


9.ඊට පසු විනාඩි 5කින් පමන ඔයාගෙ facebook home page එකට යන්න.දැන් Get It Now button එක මත ක්ලික් කරන්න


10.ඊට පස්සේ Pulish Now button එක මත ක්ලික් කරන්න.


දැන් ඉතින් වැඩේ ඉවරයි.ඊට පස්සේ ඔයාගෙ Profile එකට ගියාම ඔයාගෙ Timeline එක පෙන්නාවි.දැන් ඔයාලාට කැමති කැමති cover image එකක් දාගන්න.
මමත් මේක ගැන දැන ගත්තෙ techgate එකෙන්. ඔයාලා පොඩ්ඩක් ඒකටත් ගිහිලිලා බලන්නකෝ.Techgate එකට යන්න පහත ක්ලික් කරන්න.

                                                               TECHGATE




Sunday, October 2, 2011

ඉෂාන්බුවාත් බ්ලොග් ලියන්න පටන් ගත්තා කියන්නෙ ඇත්තද?

මමනම් මුලින් බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැහැ.බ්ලොග් කියන්නෙ මොකක්ද්ද කියලා ඉගෙන ගත්තෙත් මගෙ යාලුවෙක්ගෙන්.පොර තමයි කියලා දුන්නෙ බ්ලොග් එක් හදන්නෙ කොහොමද කියලත්.මම මගෙ බ්ලොග් එක පටන් ගත්තෙ A/L කරලා ප්‍රතිපල එනකන් හිටපු කාලෙ තමයි.මට සිංහල ටයිපින් බැරි නිසා මේ ලිපිය ටයිප් කලෙත් මාර ගේමක් දීලයි.මට ඕන උනේ බ්ලොග් එකක් පටන් අරන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන හොද ලිපි ටිකක් දාන්නයි.මම ඔයාලට හොද ලිපි ටිකක් දෙන්න ඕන නිසා මම ඉන්ටනෙට් එක පෙරලලා තොරතුරු හෙව්වා.දන්නෙ නැති ඒවා යාලුවන්ගෙනුත් අහගත්තා.මට ඕන උනේ ඔයලට හොද විස්තර ටිකක් දෙන්නයි.හැබැයි මට ගොඩක් කල් බ්ලොග්ස් ලියන්න වෙන එකක්නම් නැහැ මොකද ආයිත් පාරක් A/L කරන්න ඕනෙ.මේ පාර කලේ තනිකරම පිස්සුනෙ.සතපහකට ෂුවර් කරන්න බැහැ result එකනම්.මම e money ගැන දන්න ඔක්කොම දේවල් ගැන ලිපි එකින් එක දාන්නම් ඔයාලත් මොනවාහරි දන්නවානම් comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා.පටන්ගැනීම නිසා දැනට මේ ඇති.